විදේශීය දුම්වැටි තොගයක්, නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන විත් ඒවා කටුනායක ගුවන් තොටුපොළ පැමිණීමේ පර්යන්තයේ , කිසිවක් ප්‍රකාශ කිරීමට නොමැති ” හරිත මාවත ඔස්සේ පිට කර ගෙන යාමට තැත් කළ විදේශීය ගුවන් මගීන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ, කටුනායක ගුවන් තොටුපොළ රේගු නිලධාරීන් පිරිසක් විසින්.

එහිදී අත්අඩංගුවට ගෙන ඇත්තේ චීන ජාතික ව්‍යාපාරිකයන් දෙදෙනෙක්.

සිංගප්පූරුවේ සිට දිවයිනට පැමිණ ඇති ඔවුන් දෙදෙනාගේ ගමන් මලු 04 ක් තුළ තිබී චීනයේ නිෂ්පාදිත දුම්වැටි 30,400 ක් අඩංගු දුම්වැටි කාටූන් 152 ක් එලෙස සොයාගෙන තිබෙනවා.

එම දුම්වැටි තොගයේ වටිනාකම රුපියල් හතලිස් පන් ලක්ෂ හැට දහසක් පමණ වන බවයි පැවසෙන්නේ.