Published
නීතිවිරෝධි ලෙස දිවයිනට රැගෙන ආ විදෙස් දුම්වැටි තොගයක් සමග තවත් ගුවන් මගින් සිව් දෙනෙකු කටුනායක ගුවන් තොටුපොළේදි අත්අඩංගුවට ගෙන තිබෙනවා.
එම දුම්වැටි තොගය කටුනායක ගුවන් තොටුපොළ පැමිණීමේ පර්යන්තයේ , කිසිවක් ප්‍රකාශ කිරීමට නොමැති ” හරිත මාවත ” ඔස්සේ පිට කර ගෙන යාමට තැත් කිරීමේදී ඔවුන් අත්අඩංගුවට ගනු ලැබුවේ ගුවන් තොටුපොළ රේගු නිලධාරීන් සහ රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් පිරිසක් විසින්.
චීන ව්‍යාපාරිකයින් වන සැකකරුවන් සිව්දෙනා රැගෙන ආ ගමන් මලු 06 ක් තුළ තිබී එරට නිෂ්පාදිත දුම්වැටි 72,000 ක් අඩංගු දුම්වැටි කාටූන් 360 ක් සොයාගෙන තිබෙනවා.
එම දුම්වැටි තොගයේ වටිනාකම රුපියල් එක් කෝටි අට ලක්ෂයක් පමණ වන බවයි රේගු නිලධාරීන් පැවසුවේ.




