චීවරධාරීන් පිරිසකට විදෙස් ගමන් ලබාදෙමින් මත්ද්‍රව්‍ය ජාවාරම මෙහෙය වූ ප්‍රධාන සැකකරුවෙකු හදුනා ගෙන ඇති බව පොලීසිය පවසනවා. ඒ අනුව එම සැකකරු ඉදිරි පැය 24 තුළ අත්අඩංගුවට ගැනීමට හැකි වනු ඇති බවටයි පොලීසිය විශ්වාසය පළ කරන්නේ.
මේ අතර චීවරධාරීන් පිරිසක් තායිලන්තයේ සිට කුෂ් හා හෑෂ් මත්ද්‍රව්‍ය මෙරටට රැගෙන ඒමේ සිද්ධියට අදාළව ආධාර අනුබල දීමේ චෝදනාව යටතේ අත්අඩංගුවට ගත් සෙසු සැකකරුද මැයි 12 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.
ඒ, පොලීසිය විසින් අතුරුගිරිය ප්‍රදේශයේදි අත්අඩංගුවට ගත් එම සැකකරු කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ලබාදුන් නියෝගයක් මතයි.
මෙම සිද්ධියට අදාළ කටුනායක ගුවන් තොටුපොලේදී පසුගියදා අත්අඩංගුවට ගත් චීවරධාරීන් 22 දෙදෙනාද මැයි 12 වනදා දක්වා අද (2) රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා.
ඒ, රැදවුම් නියෝග මත පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරීන් භාරයේ සිටි එම පිරිස මීගමුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබාදුන් නියෝගයක් මතයි.
ඉකුත් අප්‍රේල් 25 වෙනිදා අදාළ චීවරධාරීන් විසි දෙදෙනා මෙරටට පැමිණි අවස්ථාවේ කටුනායක ගුවන්තොටුපොළේදීි කුෂ්‘ සහි හෑෂ්‘ මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 112ක් සමග අත්අඩංගුවට ගනු ලැබුවා.
අදාළ සිද්ධිය සම්බන්ධ තවත් චීවරධාරියෙකු පසුගියදා ගම්පහ ප්‍රදේශයේ පිහිටි විහාරස්ථානයක සැඟව සිටියදී පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගනු ලැබුවා.
එම චීවරධාරියාගෙන් ද රැදවුම් නියෝග මත තවදුරටත් ප්‍රශ්න කෙරෙනවා.
හෙට දිනයේ සැකකාර එම චීවරධාරියද අධිකරණයට ඉදිරිපත් කරන බවයි පොලීසිය පැවසුවේ




