Published
සිර දඬුවම් නියම වූ පූජ්ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ චීවරය ඉවත් කිරීමට බන්ධනාගාර බලධාරීන් ගෙන තිබෙන තීරණය බල රහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන මෙන් ඉල්ලා ගොනුකර ඇති පෙත්සම් සලකා බැලීම සඳහා අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු රොහාන්ත අබේසූරිය මහතා විසින් ත්රිපුද්ගල විනිසුරු මඩුල්ලක් නම් කර තිබෙනවා.
අදාළ පෙත්සම් සලකා බැලීම සඳහා එලෙස නම් කර ඇත්තේ අමල් රණරාජා, මහෙන් ගොපල්ලව සහ ප්රියන්ත ප්රනාන්දු යන මහත්වරුන්ගෙන් සමන්විත විනිසුරු මඩුල්ලක්.
පෙත්සම් සලකා බැලීමේ විනිසුරු මඩුල්ලෙන් තමන් ඉවත්වන බව අභියාචනාධිකරණයේ සභාපති විනිසුරුවරයා දැනුම් දීමෙන් පසුවයි මෙම ත්රී පුද්ගල විනිසුරු මඩුල්ල නම් කර ඇත්තේ.




