ඉස්ලාම් දහමට අපහාස කළේ යැයි චෝදනා ලබා සිටින පූජ්‍ය ගලගොඩ අත්තේ ඥානසාර හිමියන්ට අදාළ නඩුව ලබන 23 වනදා යළි කැඳවන ලෙස කොළඹ මහාධිකරණය නියම කළා.

මෙම නඩුකරය කොළඹ මහාධිකරණ විනිසුරු බුද්ධික සී රාගල මහතා ඉදිරියේ අද කැඳවනු ලැබුවා.

එම අවස්ථාවේදී වරෙන්තුව මත අත්අඩංගුවට ගන්නා ලද ඥානසාර හිමියන්ව ගිහි ඇඳුමින් වැලිකඩ බන්ධනාගාර නිලධාරීන් විසින් අධිකරණයට ඉදිරිපත් කළා.

ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ මහාධිකරණ විනිසුරුවරයා මෙම නඩුකරය යළි ලබන 23 වනදා කැඳවන ලෙස නියම කළා.

මේ අතර පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ චීවරය ඉවත් කිරීම සම්බන්ධයෙන් උන්වහන්සේ අයත් කෝට්ටේ ශ්‍රී කළ්‍යාණි සාමග්‍රීධර්ම මහා සංඝ සභාව අප්‍රසාදය පළ කරනවා.

ඒ, එම සංඝ සභාවේ අනුනායක කොටපිටියේ රාහුල නාහිමියන් බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා වෙත ලිපියක් යොමු කරමින්.