නෙත් FM රේඩියෝව සංවිධාන කරන You're a Leader නායකත්ව පුහුණු හා පෞරුෂ සංවර්ධන මෙහෙයුමේ 50වන කඳවුරේ දෙවන දිනය අදයි.

මෙවර You're a Leader කඳවුර පැවැත්වෙන්නේ මාතර, කොටපොල ජාතික පාසලේදීයි.

මේ, අද දිනයේ සූදානම පිළිබද නෙත් නිවුස් වෙනුවෙන් අදහස් දැක්වූ සුරේෂ් හෙන්නායක.
"මේ තමයි NetFM BOC 'You Are a Leader 2026' දෙවෙනි දවසේ උදාව තියෙන්නේ. පළවෙනි දවසේ ඉතාම සාර්ථක සමාරම්භක උත්සවයක් පැවැත්වුණා. දෙමාපියෝ, ඒ වගේම ගුරුවරුන්, ඒ වගේම ළමයින්, සියලු දෙනාට වෙනම අත්දැකීමක් ලබාදෙන — අර අපි හැමවෙලේම කියනවා වගේ — අපි ලබපු අත්දැකීම් මේ ජෙනරේෂන් එකට, ඒ කියන්නේ ඇල්ෆා ජෙනරේෂන් එකට කොහොමද භාරදෙන්නේ? ඔවුන්ගේ සිතුවිලි මොනවාද? ඔවුන්ගේ තියෙන බලාපොරොත්තු කොහොමද ඉදිරි පරම්පරාව වෙනුවෙන් අරගෙන යන්නේ? සහ ලෝකය බබළවන්න ඔවුන්ගේ ටෙක්නොලජි එකත් එක්ක තියෙන දැනුම කොහොමද භාවිත කරන්න ඕනේ? අවභාවිතයෙන් තොරව ලංකාව ලස්සන තැනකට ගෙනියන්න කියන වැඩසටන ඊයේ ආරම්භ කළා. ඊයේ රාත්‍රිය වනවිට ඔවුන් කෑම්ප් එකට ඕන වෙන විදිහට සියලු දේවල් සූදානම් කරගත්තා. වෙනම කණ්ඩායම් විදිහට හැදුණා. ඔවුන්ට වෙනම ධජ පතාක ඔවුන් නිර්මාණය කළා. අද උදෑසන සිට තමයි මේ කණ්ඩායම් සූදානම් වන්නේ ඔවුන්ගේ ජර්නි එක අරගෙන යන්න. මේක ඇවිත් නිකම්ම නිකන් ජර්නි එකක් නෙමෙයි. මේ ජර්නි එක ඔවුන්ගේ ලයිෆ් එක සක්සස් කරගන්නවා වගේම, ශ්‍රී ලංකාව ලෝකයේ කොතැනද තියන්න ඕනේ, ඒ යන ගමනේදී ඔයාට හම්බවෙන අභියෝගවලට ඔයා කොහොමද ෆේස් කරන්නේ? මෙන්න මේවා කියන දේවල් ගොඩක් දැනකියාගෙන ළමයි ඉදිරියට යන්න තමයි 'You Are a Leader' අපි සංවිධානය කරලා තියෙන්නේ BOC එකත් එක්ක. විශේෂයෙන් මතක් කරන්නට ඕනේ, අද සවස හයේ ඉඳලා 'Rala Creation' — එහෙම නැත්නම් වසන්ත දුග්ගන්නාරාල ඇතුළු පිරිස — ඔවුන්ව මුසපත් කරන්න, කොහොමද සංගීතය ඈත අතීතයේ ඉඳලා අපේ ජන නැටුම්වල, කෝලම්වල, මේ විදිහට ආපු කවි සීපදයෙන් කොහොමද ගීතය නිර්මාණය වෙන්නේ, අපේ මුතුන්මිත්තන්ගෙන් පැවැතගෙන ආපු DNA අපි කොහොමද අපේ ඇල්ෆා ජෙනරේෂන් එකට භාරදෙන්නේ? මෙන්න මේ විදිහේ තත්ත්වයක් උදාකරන්නත් අපි සූදානම් වෙලා තියෙනවා. ඒ නිසා මේ 50 වෙනි කඳවුර 'You Are a Leader' කොටපොළ ජාතික පාසලේ පැවැත්වෙන්නේ. සූදානම් වන්නේ දෙවෙනි දවසේ ආරම්භය ලබාගන්න. ළමුන් 106 දෙනෙක් සමග අපි සූදානම් වෙනවා BOC එකත් එක්ක NetFM, 'කවදත් අලුත් කාගෙත් නෙට්', ඉතාම හොඳ ගමනක් යන්න. මේ වෙනකොට ළමුන් සූදානම් වෙලා තියෙනවා. ගැටබරු දෙවියන් වහන්සේගේ පිහිටෙන් පරිසරය සූදානම් වෙලා තියෙනවා. ඒ මොහොතට තමයි මේ සම්බන්ධ වෙන්නේ, මේ විදිහට Net News එක්ක."

නෙත් FM රේඩියෝව සංවිධාන කරන You're a Leader නායකත්ව පුහුණු හා පෞරුෂ සංවර්ධන මෙහෙයුමේ 50වන කඳවුර සදහා ජාතියේ මහා පහන් ටැඹ - ලංකා බැංකුව මූල්‍ය අනුග්‍රහය ලබාදෙනවා.

මේ, ලංකා බැංකුවේ මාතර බටහිර ප්‍රාදේශීය කළමනාකරු නදීකා හේමමාලි මහත්මිය.
"ලංකා බැංකුව, NetFM ආයතනයත් එක්ක අද කොටපොළ ජාතික පාසලේ... දැන් ඒ දුවා දරුවන්ට නායකත්ව පුහුණු වැඩසටහනක් විදිහට 'You Are a Leader' වැඩසටහන පවත්වනවා. ඒකත් එක්ක ජාතියේ මහා පහන් ටැඹ - ලංකා බැංකුව අපි අත්වැල් බැඳගෙන ඉන්නවා. මෙම වැඩසටහන 50 වෙනි වරටත් තමයි NetFM ආයතනය පවත්වන්නේ. අපි, ජාතියේ මහා පහන් ටැඹ - ලංකා බැංකුව ඉදිරි අනාගතයට කරන ආයෝජනයක් විදිහට සලකලා, ජාතියේ ආර්ථිකයට වගේම ඉදිරි අනාගතයට කරන ආයෝජනයක් විදිහට දරුවන්ගේ නායකත්වය සංවර්ධනය කරන්න මේ වැඩසටහනට අපේ දායකත්වය ලබා දීලා තියෙනවා. ඒ වගේම, කොටපොළ වගේ දුෂ්කර ප්‍රදේශයක පාසලක් මේ වැඩසටහන සඳහා තෝරාගත්ත එක සම්බන්ධව විශේෂයෙන්ම ඒ ආයතනයට මගේ ස්තූතිය පුද කරනවා. ඒ වගේම මේ වැඩසටහන අපි සහයෝගයෙන් මේ දවස් තුනේ පවත්වන්න කටයුතු කරනවා වගේම, ඉදිරියෙදිත් NetFM ආයතනයත් එක්ක සහයෝගයෙන් මේ වගේ වැඩසටහන් ඉදිරියටත් පවත්වන්න අපි බලාපොරොත්තු වෙනවා. ඒ වගේම මේ වැඩසටහන සාර්ථකව පවත්වාගෙන යන්න හැකිවේවා කියලා සුබ පතනවා."