වසර විසි එකක් පුරා සත්‍ය වාර්තා කරමින් ජනතා විශ්වාසය දිනාගත් නෙත් නිවුස් හෙට (15) සිට තවත් ශක්තිමත්ව වඩාත් නැවුම් මුහුණුවරකින් ජනගත කෙරෙනවා.

නෙත් නිවුස් මෙලෙස අලුත් වන්නේ "ජනතාව විශ්වාස කරන සත්‍ය" යන තේමාව යටතේයි.

වසර 21ක් පුරා කුමන බාධක සහ තර්ජන පැවතියද අභීතව සහ නොසැලී නෙත් නිවුස් සත්‍ය වෙනුවෙන් පෙනී සිටියා.

කිසිදු  තර්ජනයක් හමුවේ හෝ වරප්‍රසාදයක් උදෙසා ජනතාව නොමග යැවීමට මුලා කිරීමට නෙත් නිවුස් කටයුතු කළේ නැහැ.

ජාතිකවත් ජාත්‍යන්තරවත් නැවත නැවතත් අවස්ථා ගණනාවකදී නෙත් නිවුස් සම්මානයට පාත්‍ර වන්නේද ඒ සුවිශිෂ්ට මෙහෙවර හේතුවෙන්.

ඒ අනුව, "ජනතාව විශ්වාස කරන සත්‍ය" ලෙස අප තෝරා ගන්නා තේමාව හුදෙක් වචන වලට සීමාවන්නක් නොවෙයි.

වසර 21ක් පුරා කළක් මෙන්ම ඉදිරියටත් නෙත් නිවුස් මෙම තේමාව ක්‍රියාවෙන් ඔප්පු කරනවා.

නෙත් නිවුස් වාර්තාකරණය ආරම්භයේදී රේඩියෝවට සීමාවූවක්.

එහෙත් දැන් රේඩියෝවට සීමා නොවී නෙත් නිවුස් ඩිජිටල් මාධ්‍යයද ජයගෙන තිබෙනවා.

මේ සඳහා නෙත් නිවුස් නූතන උපාංග සහ යෙදවුම් සමග තාක්ෂණිකව ද බලගන්වා තිබෙනවා.

සෑම දිනකම උදෑසන 6යි 45ට, දහවල් 12ට සහ සවස 6යි 30ට නෙත් FM රේඩියෝවෙන් තවදුරටත් ඔබට නෙත් නිවුස් ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශයන් ශ්‍රවණය කළ හැකියි.

ඊට අමතරව සෑම දිනකම උදෑසන 8 සිට සවස 5 දක්වා නෙත් නිවුස් පැයෙන් පැය යාවත්කාලීන කිරීම් ද ඔබට ශ්‍රවණය කළ හැකි වනවා.

මීට අමතරව, නෙත් නිවුස් YouTube නලිකාවෙන් සහ නෙත් නිවුස් Facebook පිටුවෙන් අලුත් වන ලෝකයේ අලුත් තොරතුරු එසැනින් යාවත්කාලීන කෙරෙනු ඇති.

ඒ අනුව නෙත් නිවුස් YouTube නලිකාව තවමත් සබ්ස්ක්‍රයිබ් කර නොමැති නම් අදම එය සබ්ස්ක්‍රයිබ් කරන ලෙසත්, නෙත් නිවුස් facebook පිටුව තවමත් follow කර නොමැති නම් එය follow කරන ලෙසත් අප ඔබට ආරාධනා කරනවා.

077 200 18 65 අංකයෙන් whatsapp ඔස්සේ නෙත් නිවුස් සමග සම්බන්ධ වීමට ඔබටත් හැකියි.

ඔබ පෙළෙන පොදු ප්‍රශ්න මෙම අංකයට දැනුම් දිය හැකි වනවා.

ඔබ නෙත් ගැටෙන හෝ ඔබ කන් වැකෙන ප්‍රවෘත්තිමය වටිනාකමක් සහිත ඕනෑම දෙයක් හඬ පටිගත කිරීමක්, ඡායාරූපයක් හෝ වීඩියෝවක් ලෙස නෙත් නිවුස් වෙත එවීමටද  වට්සැප් හරහා ඔබට පහසුකම් සැපයෙනවා. එම වට්සැප් අංකය නැවතත්.. 077 200 18 65

වසර 21ක් පුරා සත්‍ය වාර්තා කරමින් නෙත් නිව්ස් ආ අභියෝගාත්මක ගමනේ අපේ සවියත් අපි උපයා ගැනීමත් ශ්‍රාවක ඔබයි. ඔබට ස්තූතියි.

තවදුරටත් ඔබේ විශ්වාසය රකිමින් ජනතාව විශ්වාස කරන සත්‍ය සමග ඔබ සමගම සිටින බවට නෙත් නිවුස් ප්‍රතිඥා දෙනවා.