ශ්‍රී ලංකාව ආශ්‍රිතව පවතින පහළ වායුගෝලයේ කැළඹිලි ස්වභාවය ඉදිරි පැය 36 තුළදී අඩු පීඩන කලාපයක් දක්වා වර්ධනය විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
ඒ අනුව දිවයිනේ දැනට පවතින වැසි තත්ත්වය ඉදිරි දින කිහිපයයේදී තවදුරටත් අපේක්‍ෂා කෙරෙනවා.
මෙම පද්ධතියේ බලපෑම හේතුවෙන් දිවයිනේ බොහෝ ප්‍රදේශවල අහස වලාකුළින් බරව පවතිනු ඇති අතර විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවද ප්‍රකාශ කෙරුණා.
එමෙන්ම අද දිනයේ බස්නාහිර, සබරගමුව, මධ්‍යම, ඌව, දකුණ, වයඹ, උතුරු සහ උතුරුමැද පළාත්වලත් ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේත් ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100ක පමණ තද වැසි ඇති විය හැකි බවයි කාර්යයේ නියුතු කාලගුණ විද්‍යාඥ මලිත් ප්‍රනාන්දු මහතා පැවසුවේ.
මේ අතර පසුගිය දින කිහිපය තුළ ඇදහැළුණු මහවැසි හේතුවෙන් ජලාශ කිහිපයකම වාන් දොරටු විවෘත කර ඇති බව වාර්මාර්ග දෙපාර්තමේන්තුව පවසනවා.
මේ හේතුවෙන් ඇතැම් ප්‍රදේශ ජලයෙන් යටවී ඇති බවයි නෙත් නිවුස් වාර්තාකරුවන් පැවසුවේ.




