වසා දමා තිබූ මහනුවර නගරය මැද පිහිටි වසර 150 ක් පමණ පැරණි බෝගම්බර බන්ධනාගාරය යලි පිළිසකර කිරීමෙන් පසු සිරකරුවන් එහි රදවා තිබෙනවා.

ඒ අනුව පළමුව සිරකරුවන් 100 ක පමණ පිරිසක් ආරක්ෂාකාරීව එහි රැදවූ බවයි බන්ධනාගාර දෙපාර්තමේන්තුව පැවසුවේ.

කොළඹින් එවන ලද නවක සිරකරුවන් පිරිසක් එලෙස පැරණි බෝගම්බර බන්ධනාගාරයේ රදවා තිබෙනවා.

එම සිරකරුවන්ට අවශ්‍ය ආහාරපාන දැනට පල්ලේකැලේ දුම්බර බෝගම්බර බන්ධනාගාරයෙන් සපයනු ලබනවා.