පුත්තලම මාර්ගයේ දුම්රිය ධාවනය අද පස්වරුවේ සිට සාමාන්‍ය පරිදි සිදුවන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා.

පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් පුත්තලම දුම්රිය මාර්ගය තිල්අඩි ප්‍රදේශයේදී ස්ථාන කිහිපයකදී ඊයේ ජලයෙන් යටවී තිබුණා.

ඒ අනුව පුත්තලම මාර්ගයේ දුම්රිය ධාවනය
හලාවත දුම්රිය ස්ථානය දක්වා පමණක් සීමා කිරීමටයි දුම්රිය දෙපාර්තමේන්තුව ඊයේ පියවර ගත්තේ.

මේ වනවිට තිල්අඩි ප්‍රදේශය සහ අවට ස්ථානවල ජලය බැස ගොස් තිබෙනවා.

ඒ අනුව පුත්තලම මාර්ගයේ දුම්රිය ධාවනය අද පස්වරු තුනේ සිට සාමාන්‍ය පරිදි සිදු වන බවයි දුම්රිය දෙපාර්තමේන්තුව
වැඩිදුරටත් පැවසුවේ.