පොත් ප්‍රකාශන හරහා ජනතාවගේ දැනුම සහ බුද්ධිය තවදුරටත් වර්ධනය කිරීමට පොත් ප්‍රකාශකයින් මත පටවා ඇති බදුබර ඉවත් කළයුතු බව විපක්‍ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා.
කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය පැවැත්වෙන කොළඹ බණ්ඩාරණායක සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ පිහිටි නෙත් එෆ් එම් විශේෂ කුටියට පැමිණි අවස්ථාවේදී ඔහු මේ බව කියාසිටියා.
අද රටේ බහුතරයක් මුහුණදෙන ආර්ථික ගැටලු සහ ප්‍රශ්න ගැන කතාකරනකොට වට්ටම ගැන සතුටු වෙනවා. නමුත් ඒ වට්ටම් අඩු කිරීම් මීට වැඩිය කරන්න පුළුවන් ඒ පොත් ප්‍රකාශකයින් මත පටවන බදු බර අඩු කරොත්. එහෙම නැත්නම් විශේෂයෙන්ම මං කියන්නේ පොත් ප්‍රකාශන හරහා ඒ ලබන සාක්ෂරතාවය, දැනුම, බුද්ධිය තවදුරටත් ප්‍රවර්ධනය කරන්න වැට් එක සහමුලින්ම ඉවත් කරන්නට ඕනේ. බදු අඩු කරනවා වගේම බදු ව්‍යුහයත්, බදු පද්ධතියත් වඩාත් සාධාරණ කරන්නට ඕනේ. ඉතින් මම මේ කරුණු කාරණා සියල්ලක් ඉදිරිපත් කරන්නේ අද යුගයේ දේශපාලන සාක්ෂරතාවයක්, ආර්ථික සාක්ෂරතාවයක් මේ රටේ සමස්ත ජනතාවට තිබිය යුතුයි කියන කාරණාව පෙන්නලා දෙන්න. (මේ ප්‍රදර්ශන පරිශ්‍රයට යනකොට ඔබතුමාට ලැබුණු ප්‍රතිචාර කොහොමද මේ පාඨක ජනතාවගේ?) ප්‍රතිචාර ලැබෙනවා කියන්නේ ඉතින් මාත් එක්ක බොහොම සිනාමුසු මුහුණින් කතා කරනවා. නමුත් සිනාමුසු මුහුණින් කතා කරාට ඒ අයගේ හදවත්වල බොහොම බරපතල ලෙස දුකක්, කනගාටුවක්, පීඩනයක්, කම්පනයක්, අසහනයක් තියෙනවා. විශේෂයෙන් අද ජීවන බර වැඩියි. මට මතකයි මේ ජනසංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව කියනවා මේ 2026 මැයි මාසයේ සාමාන්‍ය වශයෙන් ගත්තොත් එක පුද්ගලයෙකුට දින 30ක් ජීවත් වෙන්න රුපියල් 17,315ක් ඇති කියලා. මං දන්නේ නැහැ කොහෙන් හොයාගත්තද කියලා ඔය බොරු සංඛ්‍යාලේඛන
ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයින්ගේ සංගමය 27 වන වරටත් සංවිධාන කරන කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය අද ක්‍රියාත්මක වන්නේ නව වන දිනටයි. ඒ අනුව අදත් රාත්‍රී 9.00 දක්වා මහජනතාව සඳහා පොත් ප්‍රදර්ශනය විවෘත වනවා.
මෙවරත් කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයේ නිල රේඩියෝව වන්නේ නෙත් එෆ් එම් රේඩියෝවයි. අවශ්‍යතා සහිත පාසල් දරුදැරියන්ට පොත් පත් පරිත්‍යග කිරීමට මෙවරත් ප්‍රදර්ශණ භූමියේ ඇති නෙත් එෆ් එම් කුටියේ පොත් කැටය වැඩසටහන ක්‍රියාත්මක වනවා.
එමෙන්ම දක්ෂතා දක්වන දරු දැරියන්ගේ හඩ පරීක්ෂණ වැඩසටහනක්ද ප්‍රදර්ශන භූමියේ ස්ථාපිත නෙත් එෆ් එම් ඇල්ෆා ස්ටුඩියෝ හිදී සිදුවනවා. පසුගිය දිනවල මෙන් අද දිනයේද දිවයිනේ නන්දෙසින් පැමිණි දරු දැරියන්ගෙන් ඒ සදහා ඇත්තේ මහත් උනන්දුවක්.
මෙවර කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය හෙටින් නිමා වනවා.




