Published
පොලිසිය භාරයේ සිටියදී තරුණයෙකු මියයාමේ සිද්ධිය සම්බන්ධයෙන් හෝමාගම පොලිසියේ අපරාධ අංශ ස්ථානාධිපතිවරයා අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ, බස්නාහිර දකුණ අපරාධ කොට්ඨාසය මගින්.
අදාළ තරුණයා මිය යාමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකකාර අපරාධ අංශ ස්ථානාධිපතිවරයා ඇතුළු එම පොලිස් ස්ථානයේ නිලධාරීන් තිදෙනෙකුගේ සේවය මේ වනවිට අත්හිටුවා තිබෙනවා.




