බද්දේගම, හල්පතොට ප්‍රදේශයේදී අද (27) උදෑසන සිදුකළ වෙඩි තැබීමකින් පුද්ගලයින් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

මෝටර් රථයකින් පැමිණි පිරිසක් විසින් ත්‍රීරෝද රථයක් ඉලක්ක කර ගනිමින් T-56 වර්ගයේ ගිනිඅවියකින් මෙම වෙඩි තැබීම සිදුකර පලාගොස් ඇති බවයි පොලීසිය සඳහන් කළේ.
වෙඩි තැබීමෙන් තවත් පුද්ගලයෙකු තුවාල ලබා තිබෙනවා.
සංවිධානාත්මක අපරාධ කල්ලියක් විසින් මෙම ප්‍රහාරය මෙහෙයවන්නට ඇති බවට දැනට සැක කෙරෙනවා.
සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා පොලිස් කණ්ඩායම් දෙකක් යොදවා ඇති අතර, බද්දේගම පොලීසිය වැඩිදුර විමර්ශන මෙහෙයවනවා