නීතී විරෝධී ලෙස මෙරටට රැගෙන ඒමට උත්සාහ කළ බීඩි කොළ තොගයක් කල්පිටිය ආලංකුඩ මුහුදු ප්‍රදේශයේ දී සොයාගෙන තිබෙනවා.

ඒ, නාවික හමුදාව විසින් එම මුහුදු ප්‍රදේශයේ යාත්‍රා කරමින් තිබූ සැකකටයුතු ඩිංගි යාත්‍රාවක් පරීක්‍ෂා කිරීමේදියි. එහිදී උර විස්සක අසුරා තිබූ බීඩි කොළ කිලෝග්‍රෑම් හයසිය විසි දෙකක පමණ තොගයක් සොයාගෙන තිබෙනවා.

එම ඩිංගි යාත්‍රාවේ සිටි සැකකරුවන් දෙදෙනෙකුද සිය භාරයට ගත් බවයි නාවික හමුදාව පැවසුවේ.

එම සැකකරුවන්, ඩිංගි යාත්‍රාව සහ බීඩි කොළ තොගය සමග ඉදිරි නීතිමය කටයුතු සඳහා සුරාබදු දෙපාර්තමේන්තුවේ පුත්තලම කාර්යාලය වෙත භාරදී තිබෙනවා.