බේරුවල, බෝගල්ල, ශ්‍රී පඤ්ඤානන්ද පාරේ නිවසක තිබී අත්බෝම්බයක් හමුවී තිබෙනවා.

නිවසේ කෙරුණු අලුත් වැඩියාවක් අතරතුරයි මෙම  බෝම්බය හමුවී තිබෙන්නේ.

එය නිවසේ කාමරයක වහලයේ රඳවා තිබියදී හමුවී තිබෙනවා.

ඒ පිළිබඳ බේරුවල පොලිස් ස්ථානය දැනුවත් කර ඇති අතර පොලිස් නිලධාරීන් එම අත් බෝම්බය නිෂ්ක්‍රීය කිරීමට පියවර ගනිමින් සිටින බවයි සිද්ධිය ආවරණය කළ නෙත් නිවුස් නියෝජිත චන්දන පෙරේරා පැවසුවේ.