මට්ටක්කුලිය, රාසපුලම් කන්ද හතරමං හන්දියේ සිදුවූ රිය අනතුරකින් පුද්ගලයන් තිදෙනෙකු ජීවිතක්‍ෂයට පත්ව තිබෙනවා.

නෙත් නිවුස් නියෝජිත බිමල් ශ්‍යාමන් පැවසුවේ එම රිය අනතුරින් තුවාල ලැබූ තවත් පුද්ගලයන් අට දෙනෙකු රෝහල්ගත කර ඇති බවයි.

ජිවිතක්‍ෂයටත් පත්ව ඇත්තේ ග්‍රෑන්ඩ්පාස් සහ වත්තල ප්‍රදේශවල පදිංචිව සිටි පුද්ගලයන් තිදෙනෙක්.

වත්තල ප්‍රදේශයේ සිට පැමිණෙමින් තිබූ මෝටර් රථයක් ත්‍රීරෝද රථ 3ක් සහ යතුරුපැදි 4ක ගැටී එම අනතුර සිදුව තිබෙනවා.

අනතුර සම්බන්ධයෙන් මෝටර් රථ රියදුරා මට්ටක්කුලිය පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇති බවද නෙත් නිවුස් නියෝජිතයා වැඩිදුරටත් පැවසුවා.