දිවයිනට දකුණු දෙසින් වූ ගැඹුරු මුහුදේදී නාවික හමුදා භාරයට ගත් ‘යසිරු පුතා‘ බහුදින ධීවර යාත්‍රාව ගාල්ල වරායට රැගෙනවිත් තිබෙනවා.

එම බහුදින ධීවර යාත්‍රාවේ ගෝනි හයක තිබී අයිස් මත්ද්‍රව්‍ය පැකට් 50කට සහ හෙරොයින් මත්ද්‍රව්‍ය පැකට් 52කට අධික ප්‍රමාණයක් සොයාගත් බවයි නාවික හමුදාව පැවසුවේ.

යාත්‍රාවේ සිටි සැකකරුවන් පස් දෙනෙකුද නාවික හමුදා භාරයට ගෙන තිබෙනවා.

අදාළ බහුදින ධීවර යාත්‍රාව පසුගියදා නීතියේ රැහැනට හසු කර ගත්තේ නාවික හමුදාව සහ බුද්ධි අංශ එක්ව සිදුකළ ඒකාබද්ධ මෙහෙයුමකදීයි.