නිර්දෝශීභාවය ඔප්පු කල හැකි හොඳම ක්‍රමය පරීක්ෂණ කටයුතුවලට සහයෝගය ලබා දීම බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසනවා.

එබැවින් එන්න කියන ඕනෑම වෙලාවක එවැනි පරීක්ෂණ ආයතන හමුවේ පෙනී සිටින  බවයි මන්ත්‍රීවරයා කියා සිටියේ.

හෙට(12) දිනයේ  හිටපු ජනාධිපති  මහින්ද රාජපක්ෂ මහතා අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසමට පැමිණෙනවා දැයි මාධ්‍යවේදීන් විමසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් නාමල් රාජපක්ෂ මහතා මේ බව කියා සිටියා.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ නාමල් රාජපක්ෂ මහතා.
එන්න කියන ඕන වෙලාවක අපි යනවා. ආණ්ඩුවේ අයත් දැනගන්න ඕන බලපෑම් කරලා බය කරලා මේ ගමන යන්න බැහැ.ඉතින් පැහැදිලිවම මේකට පරීක්ෂණයක් වෙන්න ඕන.එනිසා අපි හිතනවා අපේ නිර්දෝශීභාවය ඔප්පු කරන්න පුළුවන් හොඳම ක්‍රමය තමයි පරීක්ෂණ කටයුතුවලට සහයෝගය දෙන එක.හැබැයි අනිත් පැත්තෙන් ඒ පරීක්ෂණ කටයුතු බලපෑම් කරලා බලහත්කාරයෙන් කට උත්තර ලියාගන්න න්‍යාය පත්‍රය ක්‍රියාත්මක වෙනවා නම් සාධාරණයක් වෙන්නෙ නෑ.අවසානයේ ඒකෙ පාඩුවත් ගෙවන්න වෙන්නේ මේ රටේ ජනතාවට.මොකද ජනතාව රවට්ටන්න තමයි එහෙම කරන්නේ.

විපක්ෂය කෙසේ වෙතත් පරීක්ෂණයක් වෙන්න ඕන මොකද ආණ්ඩුව උත්සාහ කරනවා හුඟක් දේවල් යට ගහන්න. මොකද අපි දැක්කා මුදල් අමාත්‍යාංශයේ සිදුවීමේදී වෙච්ච මරණයක් සම්බන්ධයෙන් අර කෝටි අසූවක් පන්නපු එක සම්බන්ධයෙන් ඒක ඒ වෙලාවෙම වෙලාවේම සියදිවි හානි කර ගැනීමක් කියල යටගැහුවා.හැබැයි මේකෙදි ලොකු සමාජ කතිකාවතක් හදන්න උත්සාහ කරනවා හැබැයි මේ හැම එකක් ගැනම සාධාරණ පරීක්ෂණයක් වෙන්න ඕන.

අපි එන්න ඕන කියන ඕනම වෙලාවක යනවනේ.ඒ හින්දා එක ගැන ප්‍රශ්නයක් නෑ.මග හරින්න හේතුවක් නෑනේ. හැබැයි දැනට ඉන්න ආණ්ඩුව බොහෝ ප්‍රශ්න මග ඇරලා මාරු වෙන්න උත්සාහ කරනවා.හැබැයි ඉතින් එහෙම ලිස්සල ගිහිල්ලා හරියන්නෙ නැහැ.