මිදිගම - යාහුවත්ත ප්‍රදේශයේ නිවසකට ඊයේ රාත්‍රියේ වෙඩි ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා.

ටී 56 ගිනි අවියක් යොදා ගනිමින් එම වෙඩි තැබීම සිදුකර ඇති බවයි පොලිසිය පැවසුවේ.

එහිදී වෙඩි ප්‍රහාර 5 ක් එල්ලවි ඇති අතර එම වෙඩි ප්‍රහාර අදාළ නිවසේ බිත්තියකට, දොරකට මෙන්ම නිවස අසල නතර කර තිබූ මෝටර් රථයකට වෙඩි තබා තිබෙනවා.

ඒ අනුව මෝටර් රථයේ සුළු ගින්නක්ද හටගෙන ඇති බවයි පොලීසිය පැවසුවේ.

අදාළ නිවස ව්‍යාපාරිකයෙකුට අයත් බවටයි අනාවරණ වි ඇත්තේ.

වෙඩි ප්‍රහාරයෙන් නිවසේ සිටි කිසිවෙකුටත් තුවාල සිදුව නැහැ. අදාළ ස්ථානයේ තිබී සජීවි පතරොම් 10 ක් ද සොයාගත් බව පොලීසිය පැවසුවා.

යතුරුපැදියකින් පැමිණි තනි පුද්ගලයෙකු මෙම වෙඩි තැබීම සිදුකර පලාගොස් ඇති බවටයි පොලීසිය සැක පළ කරන්නේ.

අදාළ වෙඩි තැබීමට හේතුව හෝ වෙඩි තැබූ පුද්ගලයා මෙතෙක් හදුනාගෙන නැහැ. සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් කණ්ඩායම් 3ක් මගින් විමර්ශන ක්‍රියාත්මකයි.