දිවයිනේ සියලුම රජයේ රෝහල්වල අද උදෑසන 08:00 සිට යළි වැඩ වර්ජනයක් ආරම්භ කළ බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසනවා.

එම සංගමයේ ලේකම් වෛද්‍ය ප්‍රභාත් සුගතදාස මහතා පැවසුවේ මෑතකදී සිදු වූ වෛද්‍ය ස්ථානමාරු ක්‍රියාවලිය තුළ පවතින අක්‍රමිකතා සහ දේශපාලන මැදිහත්වීම්වලට එරෙහිව මෙම තීරණය ගත් බවයි.

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය මීට පෙර දින දෙකකදී එක්දින සංඛේත වැඩවර්ජනවල නිරත වුණා.