ලබාගත් ආර්ථික ස්ථාවරත්වය ආර්ථික පරිවර්ථනයක් කරා ගෙන යන වැඩපිළිවෙල 2027 සදහා ඊයේ ඉදිරිපත් කළ අයවැය ලේඛණයෙන් පෙන්නුම් කරන බව ආර්ථික විශ්ලේෂකයන් පවසනවා.
පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ආර්ථික විද්‍යා අධ්‍යයන අංශයේ මහාචාර්ය වසන්ත අතුකෝරළ මහතා පැවසුවේ රටේ ආර්ථික ස්ථාවරත්වය අවශ්‍ය බවත් ඒ සදහා අවශ්‍ය නීතිමය ප්‍රතිසංස්කරණ ද මෙම අයවැය ලේඛණයෙන් පෙන්නුම් කරන බවයි.
"සමස්තයක් විදිහට අයවැය තුළ ආවරණයන් පිළිබඳ සලකා බලනකොට අපි දැක්කා ක්ෂේත්‍ර ගණනාවක් වගේම ඇත්තටම රටේ සෑම ක්ෂේත්රයක් වගේම ආවරණය වන විදිහට මේක පිළියෙළ කරලා තිබීමක්. විශේෂයෙන් අපි දකිනවා රටේ අධ්‍යාපන ක්ෂේත්රය, සෞඛ්‍ය ක්ෂේත්රය, ඒ වගේම කෘෂිකර්මාන්තය, වාරිමාර්ග, යටිතල පහසුකම් වර්ධනය, ඊට පස්සේ රටේ ඇත්තටම බලශක්ති අර්බුදය සඳහා නැත්නම් එය සඳහා දිය හැකි විසඳුම්... මෙන්න මේ වගේ සෑම ක්ෂේත්රයකම ආවරණය වන විදිහට අයවැය ලේඛනය යම් ආකාරයකට මුදල් වෙන් කිරීමක් අපි දකිනවා. ඒත් එක්ක දැන් රටක් ඉස්සරහට යන්නට නම්, ඒ රටේ නීතිමය පසුබිම නිවැරදිව ගොඩනගන්නට ඕනේ. ඒක ආර්ථික ස්ථාවරත්වය වගේම ආර්ථික වර්ධනය, සංවර්ධනය සඳහා අත්‍යවශ්‍ය දෙයක්. ඉතින් මේ සඳහා අවශ්‍ය නීතිමය ප්‍රතිසංස්කරණ සෑම ක්ෂේත්රයක්ම ආවරණය වන විදිහට ගොඩනැගීම සඳහා ක්‍රියා කිරීමක් මේ තුළ අපිට දැකගන්නට පුළුවන්කම තියෙනවා. දැන් ක්ෂේත්‍ර ගත්තට පස්සේ සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවන්, ඒ වගේම රටේ කර්මාන්ත ක්ෂේත්රය, අපනයන වර්ධනය, ඒ වගේම රටට ගලා එන විදේශ විනිමය ප්‍රමාණය වැඩි කර ගැනීම සඳහා අවශ්‍ය පසුබිම්... මෙන්න මේ සඳහා අවශ්‍ය මූලික පසුබිම් මේ අයවැය ලේඛනය තුළ දැක්වීමක් අපිට දැකගන්නට පුළුවන්."
කෙසේවෙතත් රටට අත්‍යවශ්‍ය ක්ෂේත්‍ර රැසක් මෙම අයවැය ලේඛණයට ඇතුළත් කර නොමැති බවයි ඔහු පෙන්වා දුන්නේ.
"අපේ රටේ කාන්තා ශ්‍රම බලකා සහභාගීත්වය සියයට 30කටත් වඩා අඩු මට්ටමක තියෙන්නේ. එහෙනම් කාන්තාවන් වැඩි වැඩියෙන් ශ්‍රම බලකායට සහභාගී කර ගැනීම සඳහා ප්රශස්ත වැඩපිළිවෙළක් අපිට ඉදිරිපත් වීමේ අවශ්‍යතාවය තියෙනවා. ඒ වගේම වැඩ කරන ජනතාව ඉතාමත් අඩු මට්ටමක සිටින්නේ රටේ ජනගහනයට සාපේක්ෂව. ඒ වගේම තරුණ සේවා වියුක්තිය, විශේෂයෙන්ම උගත් බුද්ධිමත් අය අතර සේවා වියුක්තිය ඉතාමත් ඉහළ මට්ටමක පවතින්නේ. එතකොට මේ උගත් පිරිස රට තුළ සේවා නියුක්ත කිරීමේ වැඩපිළිවෙළක් මේ තුළින් අපිට දැක ගැනීමට හැකියාව ලැබෙන්නේ නෑ. සෑම අයවැය ලේඛනයකම රජය මුදල් වෙන් කරනවා. මේ වෙන් කරන ලද මුදල් වලින් කොපමණ ප්‍රමාණයක් මේ රටේ පහළ පන්තියේ ජනතාව වෙත සංක්‍රමණය වෙනවද කියන ප්රශ්නය වැදගත්. මොකද ලංකාවේ ලක්ෂ 35කට ආසන්න ප්‍රමාණයක් දරිද්‍රතාවයෙන් පෙළෙනවා. එහෙනම් ඒ දරිද්‍රතාවයෙන් පෙළෙන ජනතාව මධ්‍යම පාන්තික ජනතාව බවට පරිවර්තනය කිරීමේ වැඩපිළිවෙළ කුමක්ද? මෙන්න මේ වගේ පැති කෙරෙහි තවදුරටත් අවධානය යොමු වෙන්නට ඕනේ ඇත්තටම. දැන් ධීවරයන්ට සහන දෙන එකට වඩා, ධීවරයන්ට අවශ්‍ය දේවල් මේ රට තුළ නිෂ්පාදනය කිරීම සඳහා අවශ්‍ය කර්මාන්ත ගොඩනගන්නට ඕනේ. ගොවීන්ට සහනාධාර දෙනවට වඩා, ගොවීන්ට අවශ්‍ය දේවල් සෑම දෙයක්ම අපේ රට තුළ නිෂ්පාදනය කරන්නට අවශ්‍ය කර්මාන්ත ස්ථාපනය කරන්නට ඕනේ."
මේ අතර පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ අයවැයෙන් පෙන්නුම් කරන්නේ මධ්‍යස්ථ ප්රතිඵලයන් බව ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා අධ්‍යන අංශයේ අංශාධිපති, මහාචාර්ය ගාමිණී වීරසිංහ පැවසුවා.
''ඒ කියන්නේ මේකේ අපිට පේනවා එක පැත්තකින් ජනතාවට සහනයක් ලබා දීමට උත්සාහ ගන්නා අතරම රටේ සංවර්ධනය ඉහළ නැංවීම අරමුණු කරගත්තා වූ ස්වරූපයක් තමා දකින්නේ. එතනදි අපිට ඇත්තටම අපිට පේනවා පහුගිය කාලය තුළ ආණ්ඩුවට එවැනි අභියෝගයක් තිබුණා. ඒ අභියෝගයට ඇඩ්රස් (address) කිරීමක් තමයි අපි මේ දකින්නේ. දැන් අපි දැක්කා පහුගිය දවස්වල මිනිස්සුන්ගේ දරිද්‍රතාවය ඒ වගේම ජීවන වියදම කියන එක ක්‍රමයෙන් ඉහළ යාමක් අපිට දකින්න පුළුවන්කම තිබුණා. ඒ වගේම දැක්කා අපේ උද්ධමනය සියයට 8.3ක් වගේ ක්‍රමිකව ඉහළ යාමක් අපිට දකින්න පුළුවන්කම තිබුණා. සමාජයේ විවිධ පැතිකඩ වලින්, විවිධ ජන කණ්ඩායම් වලින් අපි දැක්කා ඔවුන්ගේ තිබෙන අපහසුතාව නැත්නම් ජීවත් වීම සඳහා ඔවුන්ට තිබෙන ජීවන බර ඉහළ යාම් පිළිබඳ අඳෝනාවන් අපිට දකින්න පුළුවන්කම තිබුණා. මෙන්න මේ නිසා අපේ හැමෝම හැම පාර්ශවයක්ම කියලා තිබ්බේ අයවැය මගින් මිනිස්සුන්ගේ මෙන්න මේ ජීවන බර අඩු කිරීම සඳහා යම්කිසි සහනයක් අපේක්ෂා කරන පසුබිමක් තමයි තිබුණේ. එතකොට අපිට පේනවා මෙතෙන්දි ආණ්ඩුව විසින් ජනතාවට මෙන්න මේ සහනයන් ලබා දීම සඳහා ඩිරෙක්ට්ලි (directly) යම් යම් දේවල් කරපු බවක් අපිට නොපෙනුණත්, රජය විසින් රජය කරලා තියෙන වියදම් දිහා බැලුවහම, ඒ වියදම් සංයුතිය දිහා බැලුවාම, රජයේ මේ ආර්ථිකය තුළ ඉන්න සෑම ජන කණ්ඩායමක්ම ඉලක්ක කරගෙන ඔවුන්ගේ කටයුතු ඉහළ නංවා ගැනීම අරමුණු කරගෙන ඒ වියදම් බෙදා හැරීමක් අපිට දකින්න පුළුවන්කම තියෙනවා."




