රන් ආලේපිත ගිනි අවියක් සොයා ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය දුමින්ද දිසානායක සහ තවත් කාන්තාවකට එරෙහිව කොළඹ මහාධිකරණය හමුවේ අද අධි චෝදනා භාරදුන්නා.

අධි චෝදනා පත්‍ර භාරදීමෙන් පසුව විත්තිකාර හිටපු අමාත්‍යවරයා ඇතුළු විත්තිකරුවන් ඇප මත මුදා හැරීමටද මහාධිකරණ විනිසුරුවරයා නියෝග කළා.