මහනුවර ජාතික රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටියදී බන්ධනාගාර නිලධාරීන්ගේ මිදී පළා ගිය හැටන් දික්ඔය වයෝවෘද්ධ අඹු සැමි යුවළක් ඝාතන සිද්ධියේ සැකකරු යළි අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ, බන්ධනාගාර නිලධාරීන් සහ පොලිස් නිලධාරීන් පිරිසක් බගවන්තලාව ෆෙටරොස් වතුයායේ සිදුකළ ඒකාබද්ධ මෙහෙයුමකදීයි.

අදාළ සැකකරු රෝහලේ වැසිකිළියට ගොස් එහි ජනේලයකින් පැන පලාගොස් තිබුණා.

යළි අත්අඩංගුවට ගත් සැකකරු පොලීසිය විසින් හැටන් මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කෙරුණා.

එහිදි අධිකරණය නියෝග කළේ සැකකරු යළි රක්‍ෂිත බන්ධනාගාර ගත කරන ලෙසයි.