ශ්‍රී ලංකාවේ ලෝකයේ HIV නව ආසාදන 42%කින් අඩු වෙද්දී - මෙරට නව ආසාදන 48%කින් ඉහළට සමඟ ජීවත්වන පුද්ගලයින් සංඛ්‍යාව මේ වන විට 8,700ක් පමණ වන බවත්, වසරින් වසර නව ආසාදන හඳුනා ගැනීම්වල වැඩිවීමක් පවතින බවත් ලිංගාශ්‍රිත රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය විනු ධර්ම කුලසේන මහත්මිය පවසනවා.
2025 වසර තුළ නව ආසාදන 874ක් වාර්තා වී ඇති අතර එය වසරක් තුළ වාර්තා වූ වැඩිම අගය එය බවයි ඇය පැවසුවේ.
''අපි දකිනවා ලංකාව තුළ මේ වන විට HIV සමඟ ජීවත් වෙන පුද්ගලයින් 8,700ක් විතර වාර්තා වෙනවා. නමුත් අපි දකිනවා වසරින් වසර එය HIV අලුත් හඳුනා ගැනීම් වල වැඩිවීමක් තිබෙනවා. 2025 වසරේ 874ක්. මේක වසරක් තුළ වාර්තා වූ වැඩිම අගය. හැබැයි අපි දකිනවා තවමත් 66%යි තමන්ගේ HIV තත්ත්වය දන්නේ. ලෝකයේම 2010ට සාපේක්ෂව 2025දී 42%කින් HIV නව ආසාදන අඩු වෙලා තිබෙනවා. නමුත් ශ්‍රී ලංකාවේ තත්ත්වය වෙනස්. නව ආසාදන 48%කින් වැඩි වෙලා තිබෙනවා. ඒ වගේම වර්තමානයේ ලිංගිකත්වය හා බැඳුණු මත්ද්‍රව්‍ය භාවිතයේත් යම් වැඩිවීමක් තියෙනවා. මත්ද්‍රව්‍ය විද ගැනීම් හරහා HIV සම්ප්‍රේෂණය වීමේ අවදානමක් තිබෙනවා. විශේෂයෙන් රාජ්‍ය නොවන සංවිධානත් එක්ක එකතු වෙලා මේ ස්පා වල වැඩ කරන කාන්තාවන් වේවා, පිරිමි පුද්ගලයින් වේවා, මේ අය නිරන්තරයෙන් පරීක්ෂණයට භාජනය කරන්න කටයුතු කරනවා.''




