ප්‍රධාන පෙළේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු බව කියන ශිරාන් බාසික් නමැත්තාට අයත් දඹුල්ල, තිත්ත වැල්ගොල්ල ප්‍රදේශයේ පිහිටි නිවාස දෙකකට සහ ඉඩමකට අද මුද්‍රා තබා ඊට ඇතුළුවීම තහනම් කරමින් දැන්වීම් පුවර සවිකර තිබෙනවා.

ඒ, මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශයේ නිලධාරීන් විසින්.

මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත ප්‍රකාරවයි එම නිවාස දෙක හා ඉඩම ක්‍රියාවිරහිත කර ඇත්තේ.

ඩුබායිහි රැදී සිටි ශිරාන් බාසික් පසුගියදා එරට ආරක්‍ෂ අංශ විසින් අත්අඩංගුවට ගෙන මෙරට පොලීසිය වෙත භාරදෙනු ලැබුවා.