ඊයේ පැවති පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ ඇගයීම් කටයුතු ලබන 20 වනදා ආරම්භ කරන බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා.

එම ඇගයීම් කටයුතු ලබන 25 වනදා දක්වා සිදු කෙරෙන බවයි එම දෙපාර්තමේන්තුව පැවසුවේ.

ඒ අනුව මෙවර ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල සැප්තැම්බර් 10 වනදාට පෙර නිකුත් කිරීමට පියවර ගන්නා බවද විභාග දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පැවසුවා.

මෙවර පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය විභාග මධ්‍යස්ථාන 2,723කදී ඊයේ පැවැත්වුණා.

ඒ සඳහා අයදුම්කරුවන් දෙලක්‍ෂ 94,089 දෙනෙකු සුදුසුකම් ලබා සිටියා.