ලංකා සතොස ආයතනය මගින් අත්‍යවශ්‍ය පාරිභෝගික භාණ්ඩ 06 ක මිල පහළ දැමීමට තීරණය කර තිබෙනවා.
එම නව මිල ගණන් හෙට (26) දිනයේ සිට ක්‍රියාත්මක වන බවයි සතොස ආයතනය සඳහන් කළේ.
ඒ අනුව, ලොකු ළූණු කිලෝග්‍රෑමයක මිල රුපියල් 10 කින් පහළ දමා ඇති අතර එහි නව මිල රුපියල් 309 ක් වනවා.
සුදු සීනි තොග කිලෝග්‍රෑමයක මිල රුපියල් 04 කින් පහළ දමා තිබෙනවා. එහි නව මිල දැක්වෙන්නේ රුපියල් 245 ක් ලෙසයි.
රතු පරිප්පු කිලෝග්‍රෑමයක මිල රුපියල් 02 කින් පහළ දමා ඇති අතර එහි නව මිල රුපියල් 242 ක්.
එමෙන්ම පාන් පිටි කිලෝග්‍රෑමයක මිල රුපියල් 05 කින් පහළ දමා ඇති අතර එහි නව මිල රුපියල් 174 ක් වන බව සතොස ආයතනය පැවසුවා.
රතු කැකුළු කිලෝග්‍රෑමයක මිල රරුපියලකින් පහළ දමා ඇති අතර එහි නව මිල රුපියල් 173 ක්.
ඊට අමතරව සුදු කැකුළු කිලෝග්‍රෑමයක මිල රුපියල් 05 කින් පහළ දමා ඇති අතර එහි නව මිල රුපියල් 174 ක් වනවා.
දිවයින පුරා පිහිටි සියලුම ලංකා සතොස අලෙවිසැල් මගින් මෙම පහළ දැමූ මිල ගණන් යටතේ භාණ්ඩ ලබාගත හැකි බවයි ලංකා සතොස ආයතනය වැඩිදුරටත් සඳහන් කළේ.




