ප්‍රකාශයක් ලබාදීම සදහා හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා මීට නොබෝ වේලාවකට පෙර අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව වෙත පැමිණ තිබෙනවා.

ඒ, නීතිඥයින් කිහිප දෙනෙකු සමගයි.

ප්‍රකාශයක් ලබාදීම සදහා අද දිනයේ සිය කොමිසම හමුවේ පෙනී සිටින ලෙසට අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව මීට පෙර හිටපු ජනාධිපතිවරයා වෙත දැනුම් දි තිබුණා.

ඒ අනුව සිය නීතිඥයින් සමග ඊයේ රාත්‍රියේ පැවති සාකාච්ඡාවකදි හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා තීරණය කළේ අද දිනයේ කොමිසම හමුවේ පෙනී සිටිමටයි.