ජපානයේ ඊසානදිග මුහුදු තීරයේ හටගත් භූ කම්පනයෙන් පසු පළමු සුනාමි රළ එරට නැගෙනහිර වෙරළට ළඟා වී තිබෙනවා.
ජපාන ප්‍රාදේශීය මාධ්‍ය වාර්තා කර ඇත්තේ පළමු සුනාමි රළ ඉවාට් ප්‍රාන්තයට ළඟා වන බවත්, එක් රළක් සෙන්ටිමීටර 40 ක් තරම් උසක් ගෙන ඇති බවයි.
ජපාන කාලගුණ විද්‍යා ඒජන්සිය හදිසි ප්රවෘත්ති සාකච්ඡාවක් පවත්වමින් අනාවැකි පළ කර ඇත්තේ දෙවනුව විශාල සුනාමියක් ඇති විය හැකි බවයි.
ඒ අනුව හොක්කයිඩෝ සහ ඉවාට් ප්‍රාන්තවල පැසිෆික් වෙරළට අඩි 10ක් දක්වා උසින් සුනාමි රළ ළඟා විය හැකි බවද ජපාන කාලගුණ විද්‍යා ඒජන්සිය අනතුරු අඟවා තිබෙනවා.
මේ අතර ජපාන කාලගුණ විද්‍යා ඒජන්සිය විසින් දැන් තහවුරු කර ඇත්තේ සැන්රිකු වෙරළට ඔබ්බෙන් අද ඇතිවූ භූ කම්පනය රික්ටර් මාපාංක ඒකක 7.5ක ප්‍රබලත්වයක් ගෙන ඇති බවයි.
මේ අතර මෙම සතියේ තවත් භූමිකම්පා සහ නායයෑම් පිළිබඳ විමසිල්ලෙන් සිටින ලෙස ද ජපාන බලධාරීන් එරට ජනතාවට උපදෙස් ලබාදී තිබෙනවා.



