Published
අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගත් හිටපු අමාත්‍ය චාමර සම්පත් දසනායක මහතා එක් නඩුවක් සදහා මේ මස 23 වනදා දක්වා රිමාන්ඩ් භාරයේ තබන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද නියම කළා.
අල්ලස් කොමිසමේ නිලධාරීන් හා සැකකරුවන්ගේ නීතිඥවරුන් ඉදිරිපත් කළ කරුණු සලකා බැලූ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස් බෝදරගම මහතා විසින් මෙම නියෝගය නිකුත් කළා.
චාමර සම්පත් දසනායක මහතා අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළේ ප්‍රාථමික කර්මාන්ත රාජ්‍ය ඇමාත්‍යවරයා ලෙස කටයුතු කළ අවධියේ පොස්පේට් අපනයන බලපත්‍ර ලබාදීම සඳහා පුද්ගලික සමාගම් දෙකකින් රුපියල් ලක්ෂ 81 ක් අල්ලස් ලබාගැනීමේ සිද්ධියකට අදාලවයි.
මේ අතර චාමර සම්පත් දසනායක මහතාගේ තවත් නඩුවක් මේ වනවිට අධිකරණය හමුවේ කැඳවා තිබෙනවා.



