Published
ටෙලිග්‍රෑම් සමූහයක් හරහා මුදල් වංචා කිරීමේ සිද්ධියකට අදාළව සැකකාරියක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ, අදාළ සිද්ධිය සම්බන්ධයෙන් පරිගණක අපරාධ විමර්ශන අංශයේ වයඹ පළාත් ඒකකයට ලද පැමිණිල්ලකට අනුව සිදුකළ විමර්ශනයකදීයි.
ඒ අනුව එම ජාවාරමට ආධාර අනුබල දුන් එම කාන්තාව අත්අඩංගුවට ගත් බවයි පොලිසිය පැවසුවේ.
ඇය බටුවත්ත ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 38ක් වන කාන්තාවක්.
සැකකාරිය විසින් අන්තර්ජාල ව්‍යාපාරයක් මගින් මුදල් ඉපැයිය හැකි බවට පවසා බැර කරවා ගන්නා ලද රුපියල් පන් ලක්ෂ 42,877ක මුදලින් රුපියල් 66,999ක මුදලක් වංචා කර ඇති බවයි පොලිස් විමර්ශනවලදි අනාවරණ වී ඇත්තේ.
සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි.




