Published
මැදපෙරදිග කලාපය තුළ දැනට පවතින උණුසුම් යුදමය වාතාවරණය සමනය කිරීමේ අරමුණින් අමෙරිකානු උප ජනාධිපතිවරයා අද (11) දින පාකිස්තානය වෙත පැමිණි අතර, එහිදී දෙරටේ නායකයන් අතර මෙම වැදගත් සාකච්ඡාව පවත්වා ඇති බව පාකිස්තාන අග්‍රාමාත්‍ය කාර්යාලය නිල වශයෙන් තහවුරු කර ඇත. කලාපීය සාමය ස්ථාපිත කිරීම සහ යුදමය තත්ත්වය අවසන් කිරීම සඳහා ගත හැකි රාජ්‍යතාන්ත්‍රික පියවර පිළිබඳව මෙහිදී දීර්ඝ වශයෙන් අවධානය යොමු වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා වැඩිදුරටත් සඳහන් කරයි.




