Published
මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සිය කටයුතු සිදු කරගෙන යාම සඳහා නවීන ක්‍රම අනුගමනය කරමින් ඇතැයි අනාවරණ වී ඇති බව මහජන ආරක්‍ෂක නියෝජ්‍ය අමාත්‍ය සුනිල් වටගල මහතා පවසනවා.
ඔහු කියා සිටියේ එම ක්‍රියා මැඩලීම සඳහා වැඩබලන පොලිස්පතිවරයාගේ නියමයෙන් නව මෙහෙයුමක් ආරම්භ කර ඇති බවයි.
නවීන තාක්‍ෂණය යොදා ගනිමින් මත්ද්‍රව්‍ය බෙදාහැරීම පාලනය මේ අතරින් ප්‍රමුඛ වන බව නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළා.
අංශ කිහිපයක් ඔස්සේ මත්ද්‍රව්‍ය ජාලය අකර්මන්‍ය කිරීම සඳහා දැනටමත් කටයුතු සිදු කෙරෙමින් ඇතැයි නියෝජ්‍ය අමාත්‍ය සුනිල් වටගල මහතා පැවසුවා.
මේ යටතේ මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවූවන් ගෙයින් ගෙට ගොස් හඳුනාගැනීමේ වැඩපිළිවෙළක්ද ඉදිරියේදී ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබෙනවා.