කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාට එරෙහිව විපක්ෂය ඉදිරිපත් කරන විශ්වාසභංග යෝජනාව පාර්ලිමේන්තු මහලේකම් කුෂාණි රෝහණධීර මහත්මිය වෙත භාර දී තිබෙනවා.
එම විශ්වාසභංග යෝජනාවට මන්ත්‍රීවරුන් 44 දෙනෙකු අත්සන් කර ඇති බවයි වාර්තා වුණේ.
කථානායකවරයාට එරෙහි චෝදනා 50ක් මුල් කරගනිමින් විශ්වාසභංග යෝජනාව කෙටුම්පත් කර තිබෙනවා.
පාර්ලිමේන්තු ක්‍රියාපටිපාටි හැසිරවීමේදී කථානායකවරයා අනුගමනය කළ පක්ෂපාතී සහ ප්‍රජාතන්ත්‍රවාදී නොවන ක්‍රියාකලාපයන් හේතුවෙන් ඔහු එම ධුරයට නුසුදුසු බවට චෝදනා එල්ලකරමින් විපක්ෂය විසින් මෙම විශ්වාසභංගය ගෙනඑනු ලැබුවා.
අදාළ විශ්වාසභංග යෝජනාව පාර්ලිමේන්තු මහලේකම්වරිය වෙත භාරදීමේ අවස්ථාවට විපක්ෂය නියෝජනය කරමින් අජිත් පී. පෙරේරා, මනෝ ගනේෂන්, නිසාම් කාරියප්පර්, රවී කරුණානායක, දිලිප් වෙදආරච්චි, චමින්ද විජේසිරි සහ වරුණ ලියනගේ යන මන්ත්‍රීවරුන් සහභාගී වී තිබෙනවා.




