2026 පන්දුවාර විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයට සුදුසුකම් ලැබීමට සමසත්කාරක ඉන්දීය කණ්ඩායම ඊයේ රාත්‍රියේ සමත් වුණා.
ඒ, කරට කර සටනකින් පසු එංගලන්ත කණ්ඩායම ලකුණු 7කින් පරාජය කරමින්. මෙම තරගයේ පළමුව පන්දුවට පහරදුන් ඉන්දීය කණ්ඩායම පන්දුවාර විස්ස අවසානයේ කඩුළු 7 ක් දැවී ලකුණු 253ක් රැස් කළා.
සංජු සැම්සන් පන්දු 42කදී ලකුණු 89ක් රැස් කළේ හතරේ පහර 8 ක් සහ හයේ පහර 7ක්ද සමගින්.
පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ එංගලන්ත කණ්ඩායමට පන්දුවාර 20 තුළ කඩුළු 7 ක් දැවී ලබාගැනීමට හැකි වුණේ ලකුණු 246ක් පමණයි.
සටන්කාමී පිතිහරඹයක නිරත වූ ජේකොබ් බෙත්ල් පන්දු 48කදි ලකුණු 105ක් රැස් කිරීමට සමත් වුණා.
ඒ, හතරේ පහර 8 ක් හයේ පහර 7 ක් ද සමගින්.
පන්දු යැවීමේදි හර්දික් පාණ්ඩියා ලකුණු 38කට කඩුළු 2ක් දවා ගත්තා.
තරගයේ වීරයා සම්මානය හිමි වුණේ සංජු සැම්සන්ටයි.
ඉන්දීය කණ්ඩායම විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියක අවසන් මහා තරගයට පිවිසි සිව් වන අවස්ථාව මෙය වනවා.
ඒ අනුව ඉන්දියාව සහ නවසීලන්තය අතර, මෙවර විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය ලබන ඉරිදා අහමාදාබාද්හිදී පැවැත්වීමට නියමිතයි.



