Published
විශේෂ කාර්ය බලකාය සංවිධානාත්මක අපරාධ මර්ධන ඒකකය II හි නිලධාරීන්ට ලද තොරතුරකට අනුව එම ඒකකයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් ඊයේ(19) දින මිනුවන්ගොඩ පොලිස් වසමේ දී වැටලීමක් සිදුකර තිබෙනවා.
එහි දී කේරළ ගංජා කිලෝ 01, ග්‍රෑම් 230 ක් සන්තකයේ තබාගෙන සිටි කලහුගොඩ, මිනුවන්ගොඩ ප්‍රදේශයේ පදිංචි පුද්ගලයකු අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සඳහා මිනුවන්ගොඩ පොලිස් ස්ථානය වෙත භාර දී තිබෙනවා.





