ලබන කන්නයේ සිට ලොකු ළුෑණු සඳහා රුපියල් 150ක මිලක් ස්ථිර වශයෙන්ම ගොවීන්ට ලබාදෙන බව කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත මහතා පවසනවා.

අයවැය දෙවන වර කියවීමේ විවාදයේ තෙවන දිනය වූ අද දිනයේ විවාදයට එක්වෙමින් අමාත්‍යවරයා මෙම අදහස් පළ කළා.

ගොවි ජනතාව විසින් මේ වන විට ආරම්භ කර ඇති විරෝධතා ඔවුන්ට පවතින ගැටලු විසඳීම සඳහා හිමිව ඇති හොඳම අවස්ථාවක් බවයි කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත මහතා වැඩිදුරටත් පැවසුවේ.

විවාදයට එක්වෙමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සඳහන් කළේ කුඩා, ක්ෂුද්‍ර, මධ්‍ය පරිමාණයේ කර්මාන්තවලට සහන ලබාදී නොමැති බවයි.

පසුගිය ආණ්ඩු සමයේ සිදුකළ සංවර්ධන ව්‍යාපෘති සම්බන්ධයෙන් ද විවාදයට එක්වෙමින් නාමල් රාජපක්ෂ මහතා අදහස් පළ කළා.