පෙබරවාරි අග භාගයේදී පකිස්ථාන ප්‍රහාර ආරම්භ වූ දා සිට අෆ්ගනිස්ථානයේ පවුල් 27,000කට වැඩි ප්‍රමාණයක් අවතැන් වී ඇති බව තලේබාන් ආර්ථික අමාත්‍ය ඩීන් මොහොමඩ් හනීෆ් පවසනවා.
දේශසීමා සටන් අඛණ්ඩව සිදුවන අතර රාජ්‍ය තාන්ත්‍රික ප්රයත්නයන්ගෙන් මෙතෙක් පැහැදිලි ප්‍රගතියක් දක්නට නැහැ.
පෙබරවාරි 26 වැනිදා ගැටුම් උත්සන්න වූ දා සිට නූරිස්තාන්, කුනාර්, නන්ගර්හාර්, ලග්මන්, පක්ටියා, කොස්ට්, පක්ටිකා, සාබුල් සහ කන්දහාර් යන පළාත් නවය පුරා පවුල් 27,344ක් තම නිවෙස්වලින් බැහැරව යාමට බල කෙරුණු බව අමාත්‍ය හනීෆ් පැවසුවා.
කාබුල් නුවරදී එක්සත් ජාතීන්ගේ නියෝජිතායතන සහ ආධාර සංවිධාන සමඟ පැවැති සම්බන්ධීකරණ රැස්වීමකදී අදහස් දක්වමින් අමාත්‍යවරයා ඉල්ලා සිටියේ දිගින් දිගටම එල්ල වන ප්‍රහාර හමුවේ පලාගිය අවතැන් පවුල් සඳහා හදිසි ආධාර ලබා දෙන ලෙසයි.
මෙම අවතැන්වීම් රැල්ල පැමිණෙන්නේ තලේබාන් සහ පකිස්ථානය අතර ගැටුම් හයවන සතියට එළඹෙමින් තිබිදයදීයි.
නැගෙනහිර ඇෆ්ගනිස්ථානයේ සටන්වල පළමු සති දෙක තුළ සිවිල් වැසියන් 76 කට වැඩි පිරිසක් මිය ගොස් ඇති බව එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසනවා.
දේශසීමා ගැටුම් හේතුවෙන් එරට පුද්ගලයින් 110,000 කට වැඩි පිරිසක් අවතැන් වී ඇති බව ද එම සංවිධානය සඳහන් සදහන් කළා.
පකිස්ථාන ප්‍රහාරයක් කාබුල්හි පුනරුත්ථාපන මධ්‍යස්ථානයකට එල්ල වීමෙන් සිවිල් වැසියන් මිය ගිය බව තලේබාන් පාලනය පවසන නමුත් පකිස්ථානය එය තහවුරු කර නැහැ.
පකිස්ථානය පවසන්නේ තම මෙහෙයුම් මගින් ඉලක්ක කර ඇත්තේ සන්නද්ධ කල්ලිවල යටිතල පහසුකම් බවයි.
ටෙහ්රීක්-ඊ-තාලිබාන් පකිස්ථානය (TTP) ඇතුළු සන්නද්ධ කණ්ඩායම් අෆ්ගනිස්ථාන භූමියේ සිට ක්‍රියාත්මක වන බවට පකිස්ථානය චෝදනා කරන නමුත් තලේබාන් පාලනය එය ප්‍රතික්ෂේප කරනු ලබනවා.
ඊද් උත්සවය වෙනුවෙන් පැවති කෙටි සටන් විරාමය අවසන් වීමෙන් පසු නැවතත් ගැටුම් ආරම්භ වුණා.




