හෝමුස් සමුද්‍ර සන්ධිය හරහා ගමන් කරමින් තිබූ සිය යුද නැව් ඉලක්ක කර ගනිමින් එල්ල වූ ප්‍රහාරවලට එරෙහිව අමෙරිකාව ප්‍රතිචාර දක්වා තිබෙනවා.

ඒ, ඉරාන හමුදා මධ්‍යස්ථාන වෙත ප්‍රහාර එල්ල කිරීමෙන්.

ඒ අනුව අමෙරිකානු හමුදාවන්ට පහර දීමට වගකිවයුතු ඉරාන මිසයිල සහ ඩ්‍රෝන දියත් කළ මධ්‍යස්ථාන, අණදෙන සහ පාලන මධ්‍යස්ථාන මෙන්ම බුද්ධි තොරතුරු මෙහෙයවන මධ්‍යස්ථාන ඉලක්ක කර ගනිමින් අමෙරිකාව මෙම ප්‍රතිප්‍රහාර එල්ල කළ කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

මීට පෙර ඉරානයේ ආරක්ෂ අංශ ප්‍රකාශ කර තිබුණේ අමෙරිකාව සටන් විරාමය උල්ලංඝනය කර ඇති බවයි.

ඒ, හෝමුස් සමුද්‍ර සන්ධියට ඇතුළු වූ ඉරාන තෙල් නැවක් සහ තවත් නෞකාවකට පහර දීමෙන් මෙන්ම සිවිල් ප්‍රදේශවලට ප්‍රහාර එල්ල කිරීම හේතුවෙන්.