Published
ඉන්දුනීසියාවේ සුමාත්‍රා දූපතේ ඇති වූ ගංවතුර සහ නායයෑම් හේතුවෙන් මියගිය සංඛ්‍යාව 916ක් දක්වා ඉහළ ගොස් ඇති බව එරට ආපදා ඒජන්සිය වාර්තා කරනවා.
ආපදා හේතුවෙන් 274 දෙනෙකු අතුරුදන්ව ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.
තවත් පුද්ගලයින් 75,219 දෙනෙකු පමණ අවතැන් වී ඇති අතර පුද්ගලයින් එක් ලක්ෂ හය දහස් අටසිය හය දෙනෙකු බටහිර සුමාත්‍රාව පුරා පීඩාවට පත්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
බටහිර සුමාත්‍රාවේ අගම් දිස්ත්‍රික්කයේ ගලවා ගැනීමේ නිලධාරීන් විසින් මළ සිරුරු සොයා තවමත් මෙහෙයුම් සිදු කරන බව විදෙස් මාධ්‍ය වාර්තාවල සඳහන්.
ඉන්දුනීසියාවේ ගංඟා ඉවුරු බිඳී ගොස් ගංවතුර කඳුකර ගම්මාන හරහා ගලා ගොස් ඇති අතර ඒ හේතුවෙන් දහස් ගණනක් නිවාස සහ ගොඩනැගිලි ජලයෙන් යට වී ඇති බවද වාර්තා වනවා.



