මෙරට මුහුදු සීමාවේ තවත් ඉරාන නෞකාවක් පවතින බවට වාර්තා වන විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදී අද ප්‍රකාශ කළා.
එමෙන්ම ඊයේ අනතුරට ලක්වූ ඉරාන නෞකාව සම්බන්ධයෙන් අදහස් පළ කරමින් විපක්ෂ නායකවරයා පැවසුවේ මෙරට මුහුදු සීමාවේ සිදුවන ක්‍රියා සම්බන්ධයෙන් ආණ්ඩු දැනුවත් නොමැති බවයි.
ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා ඊට මෙලෙස ප්‍රතිචාර දැක්වූවා.
ඉන් අනතුරුව පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා අදහස් දැක්වීමත් සමග මෙවැනි සංවාදයක් හටගත්තා.
පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතාද එම සංවාදයට එක් වුණා.
මේ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජුබර් රහුමාන් මහතා.
මේ අතර ශ්‍රී ලංකාවට ඔබ්බෙන් වු මුහුදු සීමාවේදී අමෙරිකානු ප්‍රහාරයකට ලක්ව ගිලී ගිය ඉරාන නෞකාවේ සිටි පුද්ගලයින් 87 දෙනෙකුගේ මළසිරුරු මේ වන විට සොයාගෙන ඇති බව ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක, සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පාර්ලිමේන්තුවේදි අදහස් දක්වමින් මේ බව කියාසිටියා.




