හමුදා ජෙට් යානයක් පාසලකට කඩා වැටීමෙන් තුවාල ලැබූවන්ට ප්‍රතිකාර කිරීම සඳහා පිලිස්සුම් විශේෂඥ වෛද්‍යවරුන් සහ හෙදියන් කණ්ඩායමක් බංග්ලාදේශය වෙත යොමු කරන බව ඉන්දියාව පවසනවා.
ඩකා අගනුවර උත්තරා ප්‍රදේශයේ මයිල්ස්ටෝන් පාසලට සහ විද්‍යාලයට හමුදා ජෙට් යානයක් කඩා වැටීමෙන් ළමුන් 25 දෙනෙකු ඇතුළු අවම වශයෙන් පුද්ගලයින් 31 දෙනෙකු මිය ගියා.
ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ඛේදජනක ගුවන් අනතුරෙන් ජීවිත අහිමි වීම සම්බන්ධයෙන් ශෝකය ප්‍රකාශ කර ඇති අතර සහාය සහ ආධාර ලබා දෙන බවට පොරොන්දුවක් ද ලබා දී තිබුණා.
ඒ අනුව ගුවන් අනතුරින් විපතට පත් වූවන්ට ප්‍රතිකාර කිරීම සඳහා අවශ්‍ය වෛද්‍ය සහාය ඇති පිළිස්සුම් විශේෂඥ වෛද්‍යවරුන් සහ හෙදියන් කණ්ඩායමක් බංගලාදේශය වෙත යාමට නියමිත බවයි නිවේදනයක් නිකුත් කරමින් ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශය පැවසුවේ.
ඔවුන් අවශ්‍ය පරිදි ඉන්දියාවේ වැඩිදුර ප්‍රතිකාර සහ විශේෂිත ප්‍රතිකාර සඳහා නිර්දේශ සහිත රෝගීන්ගේ තත්ත්වය පිළිබඳව තක්සේරුවක් කරනු ඇතැයි ද එම නිවේදනයේ සඳහන්.