Published
මෙරට සිදු වන අපරාධවලට සම්බන්ධ සැකකරුවන් සැලකිය යුතු පිරිසක් විදෙස් රටවලට පලා ගොස් සිටිනවා. එවැනි සැකකරුවන් රැසක් අත්අඩංගුවට ගැනීම සඳහා ජාත්‍යන්තර පොලීසිය මගින් රතු නිවේදන ලබා ගැනීමටද පොලීසිය පියවර ගෙන තිබෙනවා. මෙරට අපරාධවලට සම්බන්ධ වී ඉන්දියාවට පළා ගොස් සිටි සැකකරුවන් තුන් දෙනෙකු අත්අඩංගුවට ගත් පුවතක් අද ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබුණා.
මෙරට අපරාධවලට සම්බන්ධ පුද්ගලයින් තිදෙනෙකු ඉන්දියාවේ බැංගලෝර් නගරයේදී ඉන්දීය මධ්‍යම අපරාධ කොට්ඨාසය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. රත්මලාන ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන ඉරේෂ් හංසක ජයවර්ධන, කොටහේන ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන සුගත් සමින්ද්‍ර සහ දෙවුන්දර ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන දිලිප් හර්ෂණ යන අය එලෙස අත්අඩංගුවට ගෙන ඇති බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ. එම සැකකරුවන් තිදෙනා මෙරටදී සිදුවූ අපරාධවලට සම්බන්ධ වී ඉන්දියාවට පලා ගොස් ඇති බව එම වාර්තාවල සඳහන්. යාපනයේ සිට රාමේෂ්වරම් දක්වා පැමිණ නීති විරෝධී ලෙස ඉන්දියාවට ඇතුළු වී ඇති එම සැකකරුවන් තිදෙනා චෙන්නායි සහ කොයිම්බතූර් යන ප්‍රදේශවල කෙටි කාලයක් රැඳී සිට තිබෙනවා. පසුව ඔවුන් බැංගලෝර් වෙත පැමිණ මාස 08ක පමණ කාලයක් මහල් නිවාසයක රැඳී සිට ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තාවල දැක්වෙන්නේ. එම සැකකරුවන් සතුව විදේශ ගමන් බලපත්‍ර ඇතුළු වලංගු ලියකියවිලි නොතිබූ බවද එම වාර්තාවල වැඩිදුරටත් සඳහන්.