මැදපෙරදිග යුද ගැටුම් හේතුවෙන් ඩුබායි ජාත්‍යන්තර ගුවන් තොටුපොලේ සිරවී සිටි ශ්‍රී ලාංකිකයින් පිරිසක් රැගත් ගුවන් යානයක් මෙරටට පැමිණ තිබෙනවා.

අද අලුයම 12යි පහට පමණ ෆිට්ස් එයාර් ගුවන් සේවයට අයත් ගුවන් යානයකින් මගීන් 133 දෙනෙකු එලෙස මෙරටට පැමිණ ඇති බවයි කටුනායක ගුවන් තොටුපොල නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ.

ඕමානයේ මස්කට් නුවර සිට තවත් ගුවන් යානයක් අද අලුයම කටුනායක ගුවන් තොටුපොල වෙත පැමිණ තිබෙනවා.

මැදපෙරදිග යුද ගැටුම් ආරම්භ වීමෙන් පසු එම කළාපයට අත්හිටුවා තිබූ ගුවන් ගමන් යළි ආරම්භ කෙරුණේ ඊයේ පස්වරුවේ සිටයි.

මගීන් 47 දෙනෙකු සහ ගුවන් යානා කාර්යය මණ්ඩලය 10 දෙනෙකු සමග ෆිට්ස් එයාර් ගුවන් සේවයට අයත් ගුවන් යානයක් ඊයේ පස්වරු 01.20 ට කටුනායක ගුවන් තොටුපොළෙන් එලෙස ඩුබායි බලා පිටත්ව ගියා.