Published
වෛද්‍යවරයෙකු පැදවූ සුඛෝභෝගී මෝටර් රථයක් පිළියන්දල ජාලියගොඩ ප්‍රදේශයේදී පෙරළී ගොස් තිබෙනවා.
එම අනතුරෙන් තුවාල ලැබූ වෛද්‍යවරයා රෝහල් ගත කළ බවයි පිළියන්දල පොලිසිය සඳහන් කර සිටියේ.
වෛද්‍යවරයා පිළියන්දල දෙස සිට කොළඹ දෙසට මෝටර් රථය ධාවනය කිරීමේදී මාර්ගයෙන් ඉවතට පැන වෙළඳසැල් දෙක ඉදිරිපස කොටසේ ගැටී මෙන් අනතුරුව පෙරළි මෙම අනතුර වී ඇතැයි පොලිසිය සඳහන් කර සිටියේ
වෛද්‍යවරයා පිළියන්දල දිසාරෝහල වෙත ඇතුලත් කර ඇත
අනතුරින් මෝටර් රථයට සහ වෙළඳසැල් දෙකේ ඉදිරිපස කොටසට බරපතළ අලාභ සිදුවී ඇත
පිළියන්දල පොලිසිය වැඩි දුර පරීක්ෂණ සිදු කරනු ලබනවා.





