මොරටුව, කොරලවැල්ල දුම්රිය ස්ථානය ආසන්නයේ තුන්වන පටුමග වෙරළ තීරයේ නිවසක සිටියදී කිඹුල් පැටවෙකු සොයාගෙන තිබෙනවා.

එම කිඹුල් පැටවා මුහුදේ සිට අදාළ නිවසට පැමිණෙන්නට ඇති බවටයි සැක කෙරෙන්නේ.

අත්තිඩිය වනජීවී කාර්යාලයේ නිලධාරීන් පැමිණ එම කිඹුල් පැටවා රැගෙන ගිය බවයි නෙත් නිවුස් නියෝජිතයා පැවසුවේ.