Published
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අද දිනයේ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ෂණ කොමිෂන් සභාව හමුවේ පෙනී සිටීමට නියමිතව තිබෙනවා.
මහින්ද රාජපක්ෂ මහතාගේ මාධ්‍ය ප්‍රකාශක නීතීඥ මනෝජ් ගමගේ මහතා පැවසුවේ උදෑසන 9 ට පමණ මහින්ද රාජපක්ෂ මහතා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ෂණ කොමිෂන් සභාව වෙත පැමිණීමට නියමිත බවයි.
නීතීඥ මණ්ඩලක් එක්ව ඊයේ රාත්‍රියේ සිදු කල සාකච්ඡාවකින් පසු අද දිනයේ අල්ලස් කොමිසම හමුවේ පෙනී සිටීම සම්බන්ධයෙන් අවසන් තීරණයකට එළඹුණු බවයි නීතීඥ මනෝජ් ගමගේ මහතා නෙත් නිවුස් වෙත කියා සිටියේ.




