Published
ශ්‍රී ලංකාවේ තේවල ගෝලීය කීර්තිය ඉහළ නංවමින් ජපානයේ පැවැති වෙන්දේසිය සම්බන්ධව අදහස් දැක්වීමේදී ගිනස් වාර්තාවක් වෙනුවෙන් නොබෙල් තෑග්ගක් යන වචනය ප්‍රකාශ කිරීම තමා අතින් සිදුවූ අත්වැරැද්දක් බව කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතා පවසනවා. ඔහු සඳහන් කළේ තමා අතින් සිදුවූ අත්වැරදීම සම්බන්ධව තමන් කණගාටු වන බවයි.
මේ අතර සිය ෆෙස්බුක් ගිණුම ඔස්සේ සටහනක් ද තබමින් අමාත්‍යවරයා පවසා ඇත්තේ මේ වනවිට තමා වෙතින් සිදුවූ අත්වැරදීම සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය තුළ විවිධ සාවද්‍ය අර්ථකථන සහිත සංවාදයක් මතු වී ඇති බවයි. විපක්ෂයේ ඇතැමුන් විසින් හිතාමතා මතුකරන මෙම බංකොලොත් සංවාදය පිළිබඳවද කනගාටු වන බවයි අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතා පවසන්නේ.