කඩුවෙල සහ අවට ප්‍රදේශ කිහිපයකට අද (9) රාත්‍රි 7.30 සිට හෙට එනම් ඉරිදා පස්වරු 1.00 දක්වා ජල සැපයුම අත්හිටුවා තිබෙනවා.

ඒ අනුව කඩුවෙල , කොතලාවල,
වැලිවිට , හේවාගම, කොරොතොට, බෝමිරිය, නවගමුව, රණාල සහ කහන්තොට ප්‍රදේශවලට ජල සැපයුම අත්හිටවූ බවයි ජාතික ජල සම්පාදනය හා ජලාපවාහන මණ්ඩලය පැවසුවේ.

අඹතලේ සිට කඩුවෙල ප්‍රදේශයට ජල සපයන ප්‍රධාන සැපයුම් මාර්ගයේ සිදුවු හදිසි බිද වැටිමක් හේතුවෙන් එලෙස ජල සැපයුම අත්හිටුවා තිබෙනවා.

ජල සැපයුම හැකි ඉක්මනින් යථා තත්ත්වයට පත් කිරිමට අවශ්‍ය කටයුතු මේ වන විට සිදු කරමින් පවතින බවද එම මණ්ඩලය වැඩිදුරටත් පැවසුවා.