Published
කඩුවෙල නගරාධිපති රංජන් ජයලාල් මහතා විසින් විදුලිබල මණ්ඩල වෘත්තීය සමිති නියෝජිතයෙකුට සිදු කළ බව කියන තර්ජනාත්මක ප්රකාශය සම්බන්ධයෙන් සමගි වෘත්තීය සමිතිය අද පොලිස් මූලස්ථානයට පැමිණිල්ලක් ඉදිරිපත් කළා.
එම වෘත්තීය සමිතියේ කැඳවුම්කරු ආනන්ද පාලිත මහතා පැවසුවේ අදාල තර්ජනාත්මක ප්රකාශය සම්බන්ධයෙන් මෙතෙක් කිසිදු විමර්ශනයක් සිදු කළ නොමැති බැවින් එම පැමිණිල්ල ඉදිරිපත් කළ බවයි.




